අපගේ කතාව
පරම්පරා ගණනක් පුරා පැවත එන හෙළ වෙදකමේ දැනුම, අද ඔබ වෙත ගෙන එන දිව්‍ය ශක්ති වෙද මැදුර.
රහස් ඖෂධ දැනුමේ පැවැත්ම
පුරාණ පුස්කොළ පොත් වල සැඟව තිබූ රහස් ඖෂධ වට්ටෝරු භාවිතා කර රෝගීන් ලක්ෂ ගණනක් සුවපත් කළ පාරම්පරික හෙළ වෙදකමකින් දිව්‍ය ශක්ති වෙද මැදුර ආරම්භ වුණා.
අපගේ ගුරු පරම්පරාව තුළින් පැවත ආ මේ දැනුම, පරම්පරාවෙන් පරම්පරාවට රැකගනිමින් අද වන විට වර්තමාන වෛද්‍යවරු දෙදෙනා විසින් ඉදිරියට ගෙන යනවා. ස්වභාවික ඖෂධ පැළෑටි වලින්ම සකසන පිළියම් තුළින්, නවීන ලෝකයේ පවා දේශීය වෙදකමේ අගය රැකගැනීම අපගේ අරමුණයි.
ගුරු පරම්පරාවේ සිට අද දක්වා
අපගේ මුතුන් මිත්තන්ගේ සිට වර්තමාන වෛද්‍යවරු දක්වා පැවත එන පරම්පරාව.
අපගේ ගුරු පරම්පරාව
වර්තමාන වෛද්‍යවරු
අපගේ වටිනාකම්
පුරාණ පුස්කොළ පොත් වල සැඟව තිබූ රහස් ඖෂධ වට්ටෝරු, පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආවා.
ශුද්ධ ඖෂධ පැළෑටි වලින්ම සකසන පාරම්පරික තෛල හා ඖෂධ. අතුරු ආබාධ නැති, ශරීරයට හිතකර පිළියම්.
සෑම රෝගියෙකුම තමන්ගේ පවුලේ කෙනෙකු ලෙස සලකා, ඉවසීමෙන් හා අවංකව ප්‍රතිකාර කරනවා.
රෝගීන් ලක්ෂ ගණනක් සුවපත් කළ, වසර ගණනක අත්දැකීමෙන් ගොඩනැඟුණු විශ්වාසයක්.
අපගේ ස්ථාන
ස්ථාන දෙකකදී අපගේ සේවාව ලබාගත හැක.
දිව්‍ය ශක්ති මාවත, තඹුත්තේගම පාර, එප්පාවල.
සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා, පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා
නො. 29, කෘෂි මාවත, හෝමාගම.
සෙනසුරාදා සහ ඉරිදා, පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා